ජොනී භාර නොවුණොත් අත්අඩංගුවට

සාමකාමි විරෝධතාකරුවන්ට පහරදී දේපළ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමේ සූදානමක් ඇතැයි ආරංචි මාර්ග පවසයි.
මේ අනුව අද (03 ) පෙරවරුවේ සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමට සැලසුම් කර ඇති බවත් එලෙස භාරවීමක් සිදුනොකළ හොත් ඔහු රැඳී සිටින ස්ථාන සෝදිසි කර අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

