ගෑස් අද බෙදන්නේ නැහැ – පෝළිම්වල ඉන්න එපා

ගෑස් අද බෙදන්නේ නැහැ – පෝළිම්වල ඉන්න එපා

වෙළඳපොලට නිකුත් කිරීමට පැවති ගෑස් තොග ඊයේ(03) දිනයේ අලෙවි මධ්‍යස්ථාන වෙත බෙදා අවසන් කල බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එම සමාගම සඳහන් කළේ ඒ අනුව බෙදාහැරීම සඳහා තවදුරටත් ගෑස් නොමැති බැවින් අලෙවි මධ්‍යස්ථාන වල ගෑස් නොමැති නම් ලබන අඟහරුවාදා තෙක් පෝලිම් වල රැඳී නොසිටින ලෙසයි.

ගෑස් මෙට්‍රික් ටොන් 2,500ක් රැගත් නෞකාවක් යළි මෙරටට ළඟා වීමට නියමිතව ඇත්තේ හෙට දිනයේදීයි.

එමෙන්ම ජනතාව පෝලිම් වල රැඳී සිටියත් අදත් ඇතැම් අලෙවි මධ්‍යස්ථාන වෙත ගෑස් තොග ලැබී තිබුණේ නැහැ.

මේ අතර, ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ මේ වන විට තොග ගබඩා පර්යන්තයේ ඩීසල් තොග අතිශය සීමිත වීම හේතුවෙන් බෙදාහැරීම් ද සීමා සහිත වී ඇති බවයි.

ඛණිජ තෙල් සංස්ථාව දැනුම් දී ඇති පරිදි ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා යළි මෙරටට ළඟා වීමට නියමිතව ඇත්තේ ලබන 15 වනදායින් පසුව බවයි ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.