ඉන්ධන ලබා දීමට යෝජනා 90ක්

ඉන්ධන ලබා දීමට යෝජනා 90ක්

දැනට ඉන්ධන ලබා දීමට ඉදිරිපත් වී ඇති යෝජනාවලින් තාක්ෂණික හා මූල්‍ය කොන්දේසි ඉටුකරන යෝජනා සමඟ ගිවිසුම්ගත වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ ගිවිසුම්ගත වීම් ඉදිරි සතියේදී සිදු කෙරෙන බව ය.

දැනට ඉන්ධන ලබා දීමට යෝජනා 90ක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනා 90ක් ඇගයීම් පිළිබඳ සාකච්ඡා ඊයේ (ජූනි 4) උදෑසන ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් සමඟ විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

COMMENTS