මේ දිනවල කුඩා දරුවන් අතර වෛරස් රෝගයක්

මේ දිනවල කුඩා දරුවන් අතර වෛරස් රෝගයක්

මේ දිනවල කුඩා දරුවන් අතර පැතිරී යන අත්, පා, මුඛ සම්බන්ධ වෛරස් රෝගයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස බස්නාහිර පළාත් පෙර පාසල් ඒකකයේ අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවක්කු පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කර තිබෙනවා.

HAND – FOOT AND MOUTH නැමති වෛරස් රෝග ලක්ෂණ සහිත දරුවෙකු පෙර පාසල තුළ සිටින්නේ නම් නොපමාව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර පියවර ගන්නා ලෙසයි බස්නාහිර පළාත් පෙර පාසල් ඒකකයේ අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවක්කු පෙර පාසල් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.