ගෑස් මිල ඉහළ දැමීම ගැන “ලාෆ්” සමාගමෙන් කරුණු විමසනවා – ඇමති

ගෑස් මිළ ඉහල නැංවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ලාෆ් සමාගම කැදවා කරුණු විමසීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට තමා උපදෙස් දුන් බව වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ගෑස් / කිරිපිටි හා සිමෙන්ති යන භාණ්ඩ ඉවත් කර ඇති බවයි.
එබැවින් ගෑස් මිළ ඉහල දමිීමට පෙර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් උපදෙස් ගැනීමේ අවශ්‍යතාවයක් පැණ නොනගින බවද ඔහු අවධාරණය කළා.
එහිදි වැඩි දුරටත් අමාත්‍යවරයා පැවසුවේ අනවශ්‍ය ලෙස ආහාර එක්රැස් කරගැනීමෙන් වළකින ලෙසත් පරිභෝගිකයින් එලෙස අනවශ්‍ය එක්රැස් කිරීම් සිදුකළහොත් එය වෙළෙඳපොළේ සාමාන්‍ය තත්ත්වයට බලපෑම් සිදුකරන බවයි.

