ඇම්බර් හර්ඩ්ට සෞදි ජාතිකයෙකුගෙන් මංගල යෝජනාවක්

ඇම්බර් හර්ඩ්ට සෞදි ජාතිකයෙකුගෙන් මංගල යෝජනාවක්

ඇම්බර් හර්ඩ් ජනප්‍රිය හොලිවුඩ් නළු ජොනී ඩෙප්ගේ හිටපු බිරිඳ වන අතර ඔවුන් 2015 දී විවාහ වී 2017 දී දික්කසාද වී ඇත.

ජොනී ඩෙප්ට වැඩි වාසි සිදුවන ආකාරයට ඇම්බර් හර්ඩ් සහ ජොනී ඩෙප් එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය පසුගිය සතියේ අවසන් විය.

ජොනී ඩෙප්, ඇම්බර් හර්ඩ්ටත්, ඇම්බර් හර්ඩ් ජොනී ඩෙප්ටත් වන්දි මුදල් ගෙවීමට අධිකරණය තීන්දු කර ඇත.

ඇම්බර් හර්ඩ්ට දොස් ඇසීමට සිදුවූයේ ජොනී ඩෙප්ගේ කීර්ති නාමය කෙළෙසීමට උත්සාහ කළේ යැයි යන චෝදනාවටය.

ඇගේ රසික රසිකාවියන් පවා ඇයට වෛර කරන්නට වූ අතර ඇය රංගනයෙන් දායක වීමට නියමිත චිත්‍රපටවලින් පවා ඉවත් වී ඇත.

මේ අතර ඇම්බර් හර්ඩ්ට සෞදි ජාතිකයෙකුගෙන් මංගල යෝජනාවක් ලැබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇම්බර් හර්ඩ්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පණිවුඩයක් සටහන් කරමින් සෞදි ජාතිකයා පවසා ඇත්තේ ලොවෙන් කොන් වුණු ඇම්බර් හර්ඩ් භාර ගැනීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.

‘‘ඔබ විවාහ කර ගන්න මා කැමැතියි. අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ඊට ලැබේවි. ඔබ වැනි කෙනෙකු ලබන පිරිමියා වාසනාවන්තයි. මා ඒ මහල්ලාට වඩා හොඳයි’’ යනුවෙන් එම සෞදි ජාතිකයා පවසා තිබේ.

මෙම සෞදි ජාතිකයා ‘මහල්ලා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ ජොනී ඩෙප් ය.

https://bit.ly/3tjhZWR