ඉන්ධන සහ ගෑස් සඳහා ඉදිරි සති තුන දුෂ්කර කාල සීමාවක් – අගමැති

ආර්ථිකය ප්‍රකෘතියට පත්කිරීම දවසින් දෙකක කළ නොහැකි බවත් එය අසිරු කටයුත්තක් බවත් අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා පර්ලිමේන්තුවේදීපැවැසීය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහුමේ බව පැවැසීය.
“රට නගා සිටුවීමට අලුත්ක්රමවේද ඇතිකළ යුතුයි. අපි සාමූහිකව කටයුතු කළ යුතුයි. ජනතාව එහි කොටස් කරුවන් විය යුතුයි. ආර්ථිකය ප්‍රකෘතියට පත්කිරීමට අසීරු කටයුත්තක්. එය දවසකින් දෙකකින් කරන්න බෑ.
එය කරන්න පුළුවන් වෙන්නේ ප්රාතිහාර්ය වලින් නෙවෙයි. සටන්පාඨ වලින් නෙවෙයි. මැජික් වලින් නෙවෙයි. හැගීම් වලින් නෙවෙයි. බුද්ධිමත් සැලසුම් සකස්කිරීමෙන් හා ක්‍රියාත්මක කිරීමෙන්.
මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ප්‍රමාණය ඩොලර් මිලියන 550ක් පමණ වෙනවා. ලෝක අර්බුද තත්ත්වය නිසා තෙල්මිල ඉහළ යාමේ අවධානමක් ඇති බව අප සිහි තබා ගත යුතුයි.
මේ වසර අවසන් වෙද්දී සියයට 40කින් පමණ තෙල්මිල ඉහළ යනු ඇතැයි මත ප්‍රකාශ වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් ඇතිකිරීම අපට බැහැර කරන්න බෑ.
ඉදිරි මාස හය සඳහා ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 3300ක් සොයාගත යුතුයි. ගෑස් ගෙන්වීමට මසකට ඩොලර් මිලියන 40ක මුදලක් අවශ්‍ය වෙනවා. ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් ඉදිරි සතිතුන ඉතාම දුෂ්කර කාලසීමක් වෙනවා.
අපි සියලු දෙනාම හැකිතාක් අරපරිස්සමෙන් ඉන්ධන භාවිත කළ යුතුකාලයක්. ගමන් බිමන් හැකි තරම් සීමා කළ යුතු කාලයක්. ඒක නිසා මේ කාලයේදී තමන්ගැන පමණක් සිතා ඉන්ධන හා ගෑස් රැස්කර තබා ගන්න එපා.
එම සතිතුනෙන් පසු ඉන්ධන හා ගෑස්බෙදා හැරිමට අප කටයුතු කරනවා. මේ දුෂ්කර සති තුනට අපි ඉවසිලිමත්ව මුහුණ දෙමු.” යනුවෙන් පැවසීය.
අගමැති ආර්ථිකය පිළිබඳව සිදුකළ ප්‍රකාශයේ විශේෂ කරුණු පහතින්,
- ඉදිරි මාස හය සඳහා ඩොලර් මිලියන 3300 ක් අප ඉන්ධන වෙනුවෙන් සොයා ගත යුතුයි.
- ඉදිරි මාස හයේ ගෑස් සඳහා ඩොලර් මිලියන 250ක මුදලක් අවශ්‍යයි.
- ඉන්ධන සහ ගෑස් සඳහා ඉදිරි සති තුන දුෂ්කර කාල සීමාවක් හේතුවෙන් ඉන්ධන සහ ගෑස් අරපිරිස්සමෙන් පරිභෝජනය කළ යුතුයි.
- අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස්කර ගැනීමෙන් වළකින්න.
- දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ කෑම දුෂ්කරතාවයන් ගෙන් තොරව බෙදාදීම සඳහා අපි වෙහෙසෙනවා.
- රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.5ක්. නමුත් අපට තියෙන්නේ සහල් මෙට්‍රික් ටොන් මිලියන 1.6 ක් පමණයි.
- තව මාස කීපයකින් ආහාර අතින් බරපතළ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න අපට සිදුවෙන අතර ආහාර පිටරටින් ගෙන ඒමට මාසයකට වැය වන මුදල ඩොලර් මිලියන 150 ක්.
- ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගෙන්වා ගැනීම සඳහා අප විවිධ ජාත්‍යන්තර ආධාර වැඩසටහන් සම්බන්ධ කරගත්තා.
- ඉදිරි මාස 6 තුළ අපේ රටේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා ඩොලර් බිලියන 5ක මුදලක් අපට අවශ්‍යයි.
- ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් බොහෝ දෙනෙක් මේ අසීරු අවස්ථාවේදී අපේ රටට සහය දැක්වීමටත් ආධාර කිරීමටත් එකඟත්වය පළ කළා.
- ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදීම සඳහා සහය වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන 09 වැනිදා මුලූ ලෝකයටම විවෘත ආයාචනයක් කරන්න කටයුතු සූදානම් කර තියෙනවා.
- ණය දෙන මිත්‍ර රටවල් එක් කොට ආධාර සමුළුවක් පවත්වන මෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියා.
- අතුරු අයවැය මගින් රජයේ අනවශ්‍ය වියදම් කපා දමනවා.
එමෙන්ම අතුරු අයවැය මඟින් අවධායනය යොමු කරන ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද අගමැතිවරයා මෙහිදී කරුණු සඳහන් කළා.
-ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගැනීම
- සහනාධාර සීමාව ඉහළ නැංවීම .
- ගොවි ණය සියයට සියයක්ම කපාහැරීම.
- ජනතාවට තම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා ලබාදීම .
- නාගරික තට්ටු නිවාස අයිතිය සහනදායි පදනමකින් පදිංචිකරුවන්ට ලබාදීම .
- චීනය ඉදිකරන තට්ටු නිවාස ජනතා අයිතියට පත් කිරීම.
වැනි කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බවයි අගමැතිවරයා ප්‍රකාශ කළේ.

