හොඳම යාළුවා හොඳම යාළුවාව මරයි

හොඳම යාළුවා හොඳම යාළුවාව මරයි

ඩොමිනිකන් ජනරජයේ පරිසර සහ ස්වාභාවික සම්පත් අමාත්‍යවරයාට ඔහුගේ කාර්යාලය තුළදී ම වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙහි සුවිශේෂී සිද්ධිය වන්නේ, අමාත්‍ය ඕලැන්ඩෝ ජෝර්ජ් මේරාගේ ළමා කාලයේ සිට මිත්‍රයෙකු ලෙස සිටි මිගුවල් කෲස් නමැත්තෙකු විසින් ඔහු ඝාතනය කරනු ලැබීම ය.

මේ වන විට හඳුනාගෙන ඇති ආකාරයට එම සැකකරු සිය හොඳ ම මිතුරාට වෙඩි ප්‍රහාර 6ක් එල්ල කර ඇතැයි අනාවරණය වී තිබේ. සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

55 හැවිරිදි පරිසර අමාත්‍යවරයා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, සිය කාර්යාලයේ රැස්වීමකට සහභාගි වී සිටියදී ය.

සැකකරු සිය සමීපතම මිතුරා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

https://bit.ly/3MEiFgl