ජොනීව අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කරන්නැ යි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගෙන් එම ඉල්ලීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මැයි 9 සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අභියාචනාධිකරණය හමුවේ මේ වනවිට රීට් පෙත්සමක් ද ගොනුකර තිබෙනවා.

