පාඨලී හදිසියේම ස්වාධීන වුණේ ඇයි ? මෙන්න හේතුව

තමන් අද (ජූනි 8) සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ඒ පිළිබඳව තමන් මීට දින කිහිපයකට පෙර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිඛිතව දැනුම් දුන් බව ද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, අමාත්‍ය ධූරයක් භාර ගැනීම සඳහා ස්වාධීන වූ බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ය.
එමෙන් ම, වත්මන් ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධූරයක් භාර ගැනීමට තමන්ට අදහසක් නොමැති බව ද ඔහු වැඩිදුරට ත් පැවසීය.
“මා මේ තීරණය ගත්තේ, කිසිවෙකු කෙරෙහි ඇති පුද්ගලික තරහක් හෝ වෛරයක් නිසා නෙමෙයි. මා හැම දා ම විශ්වාස කළ ප්‍රතිපත්ති ගරුකභාවයත්, හෘදසාක්ෂියට එකඟව කටයුතු කළ ආකාරයත් අනුව මයි. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට මෙන් ම විපක්ෂයට ද වෙන දාට වඩා වගකීම් සහගතව හා ප්‍රායෝගිකව කටයුතු කිරීමට සිදුව තිබෙනවා. මේ ස්වාධීන වීමේ අරමුණ ඒ සඳහා වඩා ප්‍රශස්ත ඉඩකඩක් වෙන්කර ගැනීමක් ලෙස යි මම සලකන්නේ.” යනුවෙන් පැවසීය

