බැසිල්ගේ පුටුවට ධම්මික එයි

බැසිල්ගේ පුටුවට ධම්මික එයි

දැනට සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් වන බව වාර්තා වනවා.

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු අසුන සඳහා ධම්මික පෙරේරා යෝජනා කිරීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වෙනවා.

ව්‍යාපාරික ධම්මික පෙරේරා ඊයේ (07) සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පක්ෂ සාමාජිකත්වය ද ලබා ගත් බව යි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙරට සිටින ප්‍රමුඛතම ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා සැළකෙන්නේ, ශ්‍රී ලංකාවේ සිටින ධනවත් ම ව්‍යාපාරිකයෙක් ලෙස යි.