බැසිල් අස්වෙයි ?

බැසිල් අස්වෙයි ?

බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග පවසනවා.

ඔහු ඉල්ලා අස්වීමට හේතුව පක්ෂ මූලස්ථානයේ හෙට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු මුදල් අමාත්‍ය ධූරයට ද පත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඔහුට දැඩි විවේචන එල්ල විය.