IMF සහය ලැබෙන දිනය ගැන රනිල්ගෙන් ඉඟියක්

IMF සහය ලැබෙන දිනය ගැන රනිල්ගෙන් ඉඟියක්

සැප්තැම්බර් මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, සහාය ලබාගැනීමට හැකිවෙතැයි තමා අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල අද(08) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා ඒ බව කියා සිටියේය.

“IMF සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය එක්ක කතා කළා. ඔබතුමා කිව්ව එක තමා මමත් කිව්වේ. අපිට ඉක්මනින් මුදල් ඕනේ. දැනට තියෙන වැඩසටහන්වලට ක්‍රියාත්මක කරගෙන යනවා. අපිට මේක ඉක්මනින් ලබාදෙන්න. අපි මෙතැනින් එකඟවුණාම තමා අපිට වෙනත් රටවලින් මුදල් ලබාගන්න පුළුවන් කියලා. එතුමිය කිව්වා ඒකට හොඳ ප්‍රතිචාරයක් දෙනවා කියලා. මම බලාපොරොත්තු වෙනවා මේ මාසයේ හෝ එන මාසයේ මේ වැඩකටයුත්ත අවසන් කරන්න අපි උත්සහ ගන්න ඕනේ.” යනුවෙන් වැඩි දුරටත් කියා සිටියා.

COMMENTS