ජල විදුලි බලාගාර කිහිපයක් නවතී – දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය බිඳ වැටීම්

ජල විදුලි බලාගාර කිහිපයක් නවතී – දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය බිඳ වැටීම්

විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරියද මේ වනවිට කොළඹ ,ගම්පහ, මහනුවර දිස්ත්‍රික්කවල විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබෙනවා

පවතින තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික අධිකාරිය සඳහන් කළා

විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරියද මේ වනවිට නිසි උපදෙස් නොලැබීම නිසා ජල විදුලි බලාගාර කිහිපයක් අක්‍රීය වී තිබෙන බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

එමෙන්ම ගල් අඟුරු බලාගාර පූර්ණ ධාරිතාවයෙන් ජාතික පද්ධතියට එක් කර තිබෙන බවද ඒ මහතා පවසා සිටිනවා.

පවතින විදුලි කප්පාදු කිරීම් යථා තත්ත්වයට පත් කරන තුරු ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ