මුව ආවරණ පැළැඳීම හෙට සිට අනිවාර්ය නෑ – සෞඛ්‍ය අංශ

මුව ආවරණ පැළැඳීම හෙට සිට අනිවාර්ය නෑ – සෞඛ්‍ය අංශ

මුව ආවරණ පැළැඳීම හෙට (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන පැවසුවේ, කොරෝනා වසංගතයෙන් බේරීම උදෙසා පැලැඳූ මෙම ආරක්ෂිත ක්‍රමෝපාය හෙට සිට භාවිත කිරීම අනිවාර්යය නොවන බවයි.

ශ්වසන රෝග සහ ඒ ආශ්‍රිත අපහසුතා ඇති පිරිස් හට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය අයුරින් මුව ආවරණ පැළැඳීම සිදු කළ හැකි බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළා.

එමෙන්ම හෙට සිට කොවිඩ් 19 සඳහා සිදු කෙරෙන පී.සී. ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ද සිදු කිරීම අවශ්‍ය නොවන බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ගෝලීය කොරෝනා ව්‍යාප්තිය සමග මෙරට සෞඛ්‍ය අංශවලින් මුව ආවරණ භාවිත කිරීම අනිවාර්ය කෙරුණා.

කෙසේවෙතත් පළමුවැනි කොරෝනා රැල්ලේ දී මෙම නීතිය අනිවාර්යය කෙරුණු අතර, දෙවැනි කොරෝනා ව්‍යාප්තිය සමඟ ද එය බලපැවැත්වුණා.

එහෙත් කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත ශ්‍රී ලංකාවේ සියයට 75කට අධික පිරිසක් මාත්‍රා ද්විත්වයම ලබා ගැනීමත් සමග වරින්වර මෙම නීතිය ලිහිල් කිරීම ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළා.

එහෙත් එම නීතිය යළි හකුළා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වූයේ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රමුඛ බොහෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හිඔ නියුතු පිරිස් විසින් මුව ආවරණ ඉවත් කිරීමට අවසර ලබාදීම අනුමත නොකිරීමත් සමගයි.

එවන් පසුබිමකදියි යළිත් මුව ආවරණ පැළැඳීම අනිවාර්යය නොකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කරනු ලබන්නේ.