විදුලි ඉංජිනේරුවන් වර්ජනය අත්හිටුවයි

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව වර්ජනය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.
කෙසේ වෙතත් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වෙමින් පවතින බව යි වාර්තා වන්නේ.
විශේෂයෙන් කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්වල බොහෝ ප්‍රදේශවල මේ වන විට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්.
ඊට හේතුව මෙතෙක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කළ නැහැ.
ඊයේ (8) රාත්‍රියේ විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ විදුලි වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වන වර්ජන ක්‍රියාමාර්ගය හමුවේයි.

