ගෝල්ෆේස් මැර ප්‍රහාරයට අදට මාසයයි – සාධාරණයක් වුණාද ?

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් අප්‍රේල් 9 වෙනදා සිට අඛණ්ඩ සාමකාමී විරෝධතාවයක් ගාලුමුවදොරදී පැවැත්වුණා. මැයි මස 9වන දිනට මසක් සපිරෙන මොහොතේ මැර පිරිසක් විසින් ගෝල්ෆේස් අරගල භුමියේ සිටි පිරිසට ප්‍රහාරයක් එල්ල කළා. මෙය ශ්‍රී ලාංකික බොහෝ දෙනක් කම්පනයට පත් කළ දවසක් සහ ඉතිහාසයට කළු දිනයක් ලෙස එක් වුණා.
මෙම ප්‍රහාරය එල්ල කළ මහා මොළකරුවන් තවමත් නිදැල්ලේ
මේ අතර ගෝල්ෆේස් අරලගලයට එල්ල වූ මැර ප්‍රහාරයට මසක් සම්පුර්ණ වන අද දිනයේ අරගලකරුවන් විසින් බොහෝ කටයුතු සංවිධානය කර ඇත.
ඒ අතර ලේ සහ ඇස් දන්දීමේ වැඩසටහනක් සහ කොළඹ දුම්රිය පොළ ඉදිරිපටදී විරෝධතාවයක්ද පැවැත් වීමට සංවිධානය කොට ඇත.
අද ගෝල්ෆේස් අරගලය පැවැත්වෙන්නේ 62 වන දිනයටයි





