ලෝකයම භයානක ආහාර අර්බුදයක් අභියස – සෙලෙන්ස්කි අනතුරු අඟවයි

ලෝකයම භයානක ආහාර අර්බුදයක් අභියස – සෙලෙන්ස්කි අනතුරු අඟවයි

රුසියාව, කළු මුහුද ආශ්‍රිතව අයත් වරාය සැපයුම් අවහිර කිරීම හේතුවෙන් ලෝකය භයානක ආහාර අර්බුදයක අභියස සිටින බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, රුසියාවේ ක්‍රියාකලාපය හේතුවෙන් යුක්රේනයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් කුසගින්නට පත්වීමේ අවදානමක් පවතින බව යි.

රුසියාව යුක්රේනයේ වෙරළ තීරයේ විශාල කොටසක් අත්පත් කරගෙන ඇති අතර තිරිඟු, බඩඉරිඟු, එළවළු තෙල් ඇතුළු අපනයනයන්ට දැඩි බාධාවක් එල්ල වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඒවායේ මිල ඉහළ යෑමට ද හේතුවක් වී තිබෙනවා.

https://bit.ly/3H81gve