ප්ලාස්ටික් කන පණුවෝ

ප්ලාස්ටික් කන පණුවෝ

ප්ලාස්ටික් ආහාරයට ගන්නා පණු විශේෂයක් පිළිබඳව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

Zophobas morio ලෙස හැඳින්වෙන එම පණු විශේෂය පොදුවේ හඳුන්වන්නේ, සුපර්වර්ම් (superworm) යනුවෙනි.

අදාළ විද්‍යාඥ කණ්ඩායම පවසන්නේ, මෙම පණු විශේෂය මගින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයේ විප්ලවයක් ඇති කළ හැකි වනු ඇති බව ය.

මෙම විශේෂ පණුවන් සිය පැවැත්ම සඳහා ප්ලාස්ටික් විශේෂයක් වන polystyrene ආහාරයට ගන්නා බව මූලික පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

මෙම පණුවන් ඔවුන් සතු සුවිශේෂී එන්සයිමයක් මගින් ප්ලාස්ටික් ජීරණය වන බව පර්යේෂකයින් හඳුනාගෙන ඇත.

පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ, ප්‍රතිචක්‍රීකරණයේ වැදගත් සංධිස්ථානයක් ලෙස මෙය සැලකිය හැකි බව ය.

සුපර්වර්ම් නමැති පණුවන් කාණ්ඩ තුනකට බෙදා විවිධ ආහාර වර්ග ලබා දීමෙන් මෙම පර්යේෂණය සිදු කර තිබේ.

මේ අනුව, එම පණුවන් මෝටර් රථවල භාවිත වන විවිධ ප්ලාස්ටික් උපාංග පවා ආහාරයට ගන්නා බව තහවුරු වී ඇත.

https://bit.ly/3xmDCGU