සහල් වලට උපරිම සිල්ලර මිලක්

සහල් වලට උපරිම සිල්ලර මිලක්

සහල් අලෙවියට උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්.

ඒ අනුව දේශීය සුදු හෝ රතු කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 210ක්.

ඒ අනුව මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම සැපයීම වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවටයි මෙම ගැසට් නිවේදනය මගින් නියෝග කර ඇත්තේ.