ජනපති වියත්මග රැවටුවා – ඩලස් සමඟ අපි අලුත් දේශපාලන මගක යනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ එම සංවිධානයේ සාමාජිකයන් රැවටූ බව එම සංවිධානය ප්රධානී පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
දේශපාලනිකව කලකිරී සිටින තමා ඇතුළු වියත් මගේ සාමාජිකයන් ඩලස් අලහප්පෙරුම සමඟ ඉදිරියේ දී එකතු වී නව දේශපාලන මගකට ප්රවේශ වන බවයි ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දෙන්නේ.
ඔහු මේ බව පැසුවේ Youtube නාලිකාවකට අදහස් දක්වමින්.
ඔහු එහෙදි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ජනාධිපතිතුමාට වැරදුනේ වියත්මගෙන් ආ බුද්ධි මණ්ඩලය අමතක කර වෙනත් පිරිසකට ඇහුන්කන් දුන් නිසා බවයි ඔහු එහිදී කියා සිටියේ.

