තරුණ පරපුරේ හඬට අවනත වීම ඉතා වැදගත්

ඩයස්පෝරා ප්‍රජාව සමඟ සහ ශ්‍රී ලංකාවේ යහපැවැත්ම සඳහා කැපවී සිටින සිවිල් සමාජ සංවිධාන සමඟ සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව විවෘතව පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) දින ජිනීවාහි එක්සත් ජාතීනිගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරය අමතමිනි.
ඔහු තවදුරටත් පැවසුවේ, “අද අප මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වය සහ අපගේ තරුණ පරපුරේ හඬ, මේ අභියෝගවලට නිහතමානීව මුහුණ දිය යුතු බව අපට වහා මතක් කර දෙයි,” යනුවෙනි.
විදේශ කටයුතු අමාත්‍යවරයා ජිනීවාහි එක්සත් ජාතීනිගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරය අමතා කරන ලද ප්‍රකාශය පහතින් දැක්වේ.




