බෙදාහැරීමට ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණය අඩු වෙලා

බෙදාහැරීමට ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණය අඩු වෙලා

පිරවුම්හල් වෙත බෙදාහැරීම සඳහා මේ වනවිට ප්‍රවාහනයට ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණය අඩු වී ඇතැයි , ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව මේ වනවිට බෙහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවය.

මේ අතර, සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉන්ධන නොපැවතිය ද පිරවුම්හල් ආශ්‍රිත පෝලිම් තවත් දීර්ඝ වී ඇති බවය.

මේ අතර ඉන්ධන නිකුත් කිරීමට පාරිභෝගකයින් ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කර සතිපතා කෝටාවක් ලබාදීම හැර වෙනත් විකල්පයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ(12) සඳහන් කළේය.