ලිට්රෝ සමාගමට නව සභාපතිවරයෙක්

ලිට්රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු වූ මුදිත පීරිස් පත්කර තිබෙනවා.
ඒ අනුව ඔහු අනිද්දා සිට එම සමාගමේ සභාපතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමට නියමිතයි.
ලිට්රෝ සමාගමේ හිටපු සභාපති විජිත හේරත් පසුගියදා ඉන් ඉවත්වූ අතර, ලිට්රෝ සමාගමේ වෘත්තිය සමිති ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත්කිරීම කාලෝචිත බවයි.

