අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ පොහෝය අදයි

පොසොන් පුර පසළොස්වක පෙහොය දිනය අදට (14) යෙදී තිබෙනවා.
මිහිඳු මහ රහතන් වහන්සේ ප්රමුඛ දූත පිරිස මෙරටට පැමිණ මෙරට බුද්ධ ශාසනය පිහිටුවීම ඇතුළු ශාසනික සේවාවන් රාශියක් සිදුවූ පොහොයක් ලෙස පොසොන් පොහොය සැළකෙයි.
ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ, සංස්කෘතික හා ආගමික, අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු වුණා.
එදා දේවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය ,මිහින්තලය ආලෝකමත් වූවා පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් වුණා.
එවක් පටන් බෞද්ධයෝ විසින් පොසොන් පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිහිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වෙනවා.
ඒ අනුව මෙවර ජනතාවට නිදහසේ පොසොන් පොහෝය දින ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව හිමිවන්නේ වසර තුනකට පසුවවීම විශේෂත්වයක්.

