විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවානම් 21ට පක්ෂයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන අන්තර්ගත කරන්නේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වන සංශෝධනයට සහය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත.
හිටපු ජනාධිපතිවරයා සිය පක්ෂ සාමාජිකයන් පිරිසක් සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී මේ බව කී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් දිනපතා පලවෙන පුවත් පතකට පවසා ඇත.
21 වැනි සංශෝධනය ගෙන ඒමට පෙර රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතු බව හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා ඇතැයි ද කාරියවසම් මහතා පැවසීය.
පාර්ලිමේන්තුව ශක්තිමත් කරන සංශෝධනයකට සහාය දීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රශ්නයක් නැති නමුත් බලයක් නොමැති අගමැති කෙනෙකු අතට විධායක බලතල පත්වීමට තම පක්ෂය අනිවාර්යයෙන් ම විරුද්ධ වන බව ද කාරියවසම් මහතා වැඩිදුරට කියා සිටි බව එම පුවත්පත වාර්තා කර සිටියා.

