ඉන්දියාවෙන් එන අන්තිම තෙල් නැව අද දිවයිනට

ඉන්දියාවෙන් එන අන්තිම තෙල් නැව අද දිවයිනට

ඉන්දියන් ණය ආධාර යටතේ මෙරටට ලැබෙන මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් අවසන් ඉන්ධන නෞකාව අද (16) දිවයිනට ළගා වීමට නියමිතයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව දෛනිකව පාරිභෝගිකයන්ට බෙදා හැරීම සඳහා පිරවුම්හල්වලට නිකුත් කරන පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ඇතුලු සියලුම ඉන්ධන පිළිබඳ වාර්තාව www.ceypetco.gov.lk යන සංස්ථා වෙබ් අඩවිය මෙන්ම, සංස්ථා ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කිරීමට කටයුතු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළා.

මේ අතර ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා මූලික වටයේ තවත් සාකච්ඡාවක් අද (16) සිදු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

මෙම සාකච්ඡාව ඕමාන සමාගමක් සමඟ සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට හැකි ගෑස් නෞකා සම්බන්ධයෙන් හෙට (17) දිනයේදී නිල වශයෙන් ප්‍රකාශ කිරීමට හැකියාවක් පවතින බව ද ඔහු සඳහන් කළා.

ගෑස් නොමැති වුවත් ලිට්රෝ ගෑස් මිල රුපියල් 210 කින් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා ඇති බව ඔහු එහිදී කියා සිටියා.