පාසල් වලට හෙට නිවාඩු – උත්තරපත්‍ර පරික්ෂා කරන ගුරුවරුන්ට නිවාඩු නෑ

හෙට(17) දිනයේ රජයේ සහ රජයේ අනුමත පාසල් මෙන්ම රාජ්‍ය සේවය සඳහා ද නිවාඩු ලබා දුන්නද විභාග රාජකාරිවල වෙනසක් නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.
ඒ අනුව උත්තරපත්‍ර පරික්ෂා කරන ගුරුවරුන් අදාළ රාජකාරි සඳහා පැමිණිය යුතුයි.
එලෙස පැමිණීමට ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන හල් දැනුවත් කිරීමට සහ, රාජකාරි ලිපි පෙන්වා ප්‍රමුකතාවය ලබාගැනීමටත් අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩි දුරටත් සඳහන් කළේ.
එසේම අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ උත්තරපත්‍ර පරික්ෂා කරන ගුරුවරුන් සඳහා විශේෂ දීමනාවක් ලබා දීමටද පියවර ගන්නා බවයි.

