මවක් කළ අපරාධය

මවක විසින් සිය දරුවා ද ගඟට දමා සියදිවි හානිකර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධව වාර්තා වෙනවා.
වත්තල – කදිරාන පාලම අසලදී ඊයේ (15) මෙම මව විසින් තම පස් වියැති දරුවා කැලණි ගඟට දමා ඇති අතර, ඉන්පසුව ඇය ද සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් වැළකී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් එක්ව අදාළ මව අල්ලා පොලිසියට භාර දී ඇති අතර, කැලණි ගඟට දැමූ දරුවා තවමත් අතුරුදන් බවයි පොලීසිය සඳහන් කරන්නේ
අතුරුදන් වූ දරුවා සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

