ඉන්ධන සැලසුම්සහගතව බෙදා හරින්න

දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දායක කරගෙන ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කිරීමට පහසුකම් සපයමින් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
පෙට්‍රල්, ඩීසල්, ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් අද (17) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී මේ බව ප්‍රකාශ කළා.
සැපයුම්කරුවන් සමග දීර්ඝකාලීනව ඉන්ධන ලබාගැනීම සඳහා ගිවිසුම්ගත වීමට ඇති හැකියාව කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරුණා.
ඉන්ධන බෙදාහැරීමේ දී පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාව හිමිවන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පිරවුම් හල් යොදාගනිමින් පෞද්ගලික හා සංචාරක බස්රථ සහ පාසල් වෑන් රථවලට පොලිසියේ අධීක්ෂණය යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
අනිකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා හඳුනාගත් ඉන්ධන පිරවුම් හල් වෙතින් ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමටත් පිරවුම් හල් වෙත යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සැපයීමටත් මෙහිදී එකඟ වුණා.
කඩිනමින් ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට මෙන් ම ඉන්ධන තොග අනවශ්‍ය ලෙස රැස්කරන්නන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා.

