ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුවරුන්ට පහසු පාසලක සේවය කිරීමට අවස්ථාව

පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් පාසල් ගුරුවරුන්ට සහන සැලසීම සඳහා පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට කටයුතු සලසා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙම අනුයුක්ත කිරීම් 2022.12.31 දක්වා ක්‍රියාත්මක වන අතර සියලු ආකාරයේ අනුයුක්ත කිරීම් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි අදාළ පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්ගේ ලිඛිත එකඟතාව මත පමණක් සිදුකළ යුතු අතර එහිදී පහත සඳහන් කොන්දේසි අනුගමනය කළ යුතු ය.
- එකම පළාත තුළ ඇති ජාතික පාසල් අතර සහ ජාතික පාසල් හා පළාත් පාසල් අතර ගුරුභවතුන් අනුයුක්ක කිරීම සඳහා අදාළ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වෙත බලය පවරනු ලැබේ.
- පළාත් දෙකක් අතර පළාත් සභා පාසල්වල ගුරුභවතුන් අනුයුක්ත කිරීම අදාළ පළාත්වල පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභා ලේකම්ගේ අනුමැතිය මත සිදු කිරීමට ද යෝජනා කරනු ලැබේ.
- පළාත් අතර සිදුවන ජාතික පාසල්වලට අනුයුක්ත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්යක්ෂවරයා (ගුරු ස්ථාන මාරු) සිදු කරනු ඇත.
- ඉල්ලීම් කරනු ලබන ගුරුභවතා අදාළ පාසලේ අතිරික්ත නම්, ඔහු හෝ ඇය වෙනුවෙන් අනුප්‍රාප්තිකයෙකු ලබා දීමේ අවශ්‍යතාවක් නොමැත.
5. ඉල්ලුම් කරන ගුරුභවතා පාසලේ අතිරික්ත නොවේ නම් සුදුසු අනුප්‍රාප්තිකයෙකු ලබා දීමෙන් පසුව අනුයුක්ත කිරීම සිදු කළ යුතු ය.
6. විදුහල්පතිවරුන්ගේ එකඟතාව මත සුහද ස්ථාන මාරු වීම සිදු කරන ආකාරයට ම එම පදනම මත සිදු කරන අනුයුක්ත කිරීම් ද සලකා බැලිය යුතු වේ.
7. ගර්භණීභාවය මත හා වෛද්‍ය නිර්දේශ මත සිදු කරනු ලබන අනුයුක්ත කිරීම අදාළ වෛද්‍ය සහතික මගින් සනාථ කර ගනිමින් සිදු කළ යුතු ය. (2007/20 චක්‍රලේඛය අනුව)
8. පළාත් අධ්‍යාපන අධ්යක්ෂ මගින් ජාතික පාසල් සම්බන්ධයෙන් සිදු කරනු ලබන අනුයුක්ත කිරිම්වල ලිපි පිටපත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත යොමු කළ යුතු වේ.

