රටේ ප්‍රශ්න මදකට අමතක කළ අපේ සිංහයන්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති දෙවන තරගය ලකුණු 26 කින් ජය ගැනීමට ඊයේ (16) ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 47යි පන්දු 4කදි කඩුළු 9ක් දැවී ලකුණු 220ක් රැස්කර ගැනීමට සමත් විය.
එම අවස්ථාවේදී පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ තරඟය නතර කිරීමට තීරණය කෙරිණි.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස්කර ගැනීමට සමත් විය.
නායක දසුන් ශානක ලකුණු 34යි.
ධනංජය ද සිල්වා ලකුණු 34යි.
දුනිත් වෙල්ලාගේ ලකුණු 20යි.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් පැට් කමින්ස් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ කිරීමට තීරණය කළ අවස්ථාවේ තරගය පන්දුවාර 43කට සීමා කිරීමට තීරණය කෙරිණි.
ඒ අනුව පිටියට පැමිණි ඔස්ට්‍රේලියානු පිල පන්දුවාර 37යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 189 ක් පමණීයි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 37ක් රැස්කර ගැනීමට සමත් විය.
ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 30යි.
ස්ටීවන් ස්මිත් ලකුණු 28යි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් චාමික කරුණාරත්න කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.
ධනංජය ද සිල්වා කඩුළු 2යි
දුනිත් වෙල්ලාලගේ කඩුළු 2යි
දුෂ්මන්ත චමීර කඩුළු 2යි
තරගයේ වීරයා සම්මානය කඩුළු 3ක් දවා ගත් චාමික කරුණාරත්නට හිමි විය.

