තෙල් පිරවුම්හලක ගැටුමෙන් පොලිස් නිලධාරින් 06ක් රෝහලේ

තෙල් පිරවුම්හලක ගැටුමෙන් පොලිස් නිලධාරින් 06ක් රෝහලේ

අතුරුගිරිය ඉන්ධන පිරවුම්හලක් අසළ ඊයේ (17) රාත්‍රියේ ඇති වූ කළහකාරී සිදුවීමක් අතරතුර දී පොලිස් නිලධාරීන් හයදෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන්ධන පිරවුම්වහල වසා තිබියදී බලහත්කාරයෙන් පිරිසක් එම පිරවුම්හලට ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම සිද්ධිය ඇති වූ බවයි.

සිද්ධියට සම්බන්ධ 10 දෙනෙකු මේ වනවිට අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.