මුලතිව් – විශ්වමඩු හමුදා මුරපොලකට ප්‍රහාරයක්

මුලතිව් – විශ්වමඩු හමුදා මුරපොලකට ප්‍රහාරයක්

මුලතිව් – විශ්වමඩු ප්‍රදේශයේ හමුදා මුරපොලකට ඊයේ සිදුවූ පහරදීමකින් හමුදාවේ තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ පිරිසක් පැමිණ විශ්වමඩු යුද හමුදා මුරපල අසළ කළහකාරී ලෙස හැසිර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ.

සිද්ධියට අදාළව දෙදෙනෙකු, ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි 10 ක් සමඟ පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.