අරගලකරුවන් ජනාධිපති කාර්යාලය අවට තවත් අට්ටාල හදයි

ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන අනෙකුත් පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිට මොවුන් ගලධාරී හෝටලය ඉදිරිපිටින් ලෝටස් මාර්ගයේ පිහිටි මෙම පිවිසුම් දෙක අවහිර කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.
ගාලු මුවදොර විරෝධතාවට අදට දින 73 ක් වෙනවා.

