ආර්ථික පැරදුම හමුවේ ලංකාවට සුපිරි ජයක්

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19) සමත්වුණා.
එම ජයත් සමඟින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරඟ දෙකට එකක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
තරඟය පැවැත්වුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 291ක් ලබාගත්තා.
ඩේවිඩ් වෝනර් ලකුණු 9කට දැවී ගියා.
ඒරොන් ෆින්ච් ලකුණු 62යි. ඇලෙක්ස් කෙරී ලකුණු 49ක් රැස් කළා. ට්‍රේවිස් හෙඩ් නොදැවී ලකුණු 70ක් ලබාගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමගින්.
පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 49කට කඩුලු 3ක් බිඳහෙළුවා.
ඒ අනුව තුන්වන තීරණාත්මක එක්දින තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 292ක්.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල සමගින් පැතුම් නිස්සංකයි.
නිරෝෂන් දික්වැල්ල පන්දු 25කින් ලකුණු 26ක් ලබා සිටියදී දැවී යාමකට ලක්වුණා.
ආබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත්ව ගිය අතර ඔහු වෙනුවෙන් ධනංජය ද සිල්වා පන්දුවට පහරදීම ආරම්භ කළා.
කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත්ව යන විට ලබාසිටි ලකුණු සංඛ්‍යාව 87ක්. පිටියට පිවිසි ධනංජය ද සිල්වා පන්දු 17කින් වේගවත් ලකුණු 25ක් ලබාගත්තේ හතරේ පහර 4ක් ද සමගින්.
පැතුම් නිස්සංක ලකුණු 137ක් ලබාගත්තේ සිය පළමු එක්දින ශතකය ද වාර්තා කරමින්. ඔහුගේ ලකුණු 137ට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඇතුලත්.
දසුන් ශානක කිසිදු ලකූණක් නොලබා දැවීගියා.
මේ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම තම මව්බිමේදී කන්ගරුවන්ට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගෙන ඇත්තේ 1992 වසරේදී වීමත් කැපී පෙනෙනවා.
ඒ අනුව මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම එක්දින තරගාවලිය ජය ගැනීමට හැකි වුවහොත් වසර 30 කින් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව මව්බිමේදී ජයගත් එක්දින තරගාවලි ජය වනවා.

