තෙල් මිල වැඩිවිය යුතු බව අගමැති කියයි

රට ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවත් ඉන්ධන මිල වැඩිවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඔහු සඳහන් කළේ රුසියාව විසින් යුරෝපයට ගෑස් හා තෙල් ලබාදීම අත්හිටුවීමට ගත් තීරණයත් සමඟ ඉදිරියේ දී ලෝක වෙළඳපොළ තුළ තෙල් හා ගෑස්මිල ඉහළ යනු ඇති බවයි.

