පෙට්‍රල් නැවක් හෙට දිවයිනට

පෙට්‍රල් නැවක් හෙට දිවයිනට

පෙට්‍රල් රැගත් නෞකාවක් හෙට මෙරටට ළඟා වීමට නියමිතයි.

ඒ අනුව අනිද්දායින් පසුව පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය තත්වයට පත් වනු ඇති බවයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

ඩීසල් රැගත් නෞකාවක් ද ලබන සෙනසුරාදා දිවයිනට ළඟා වීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළා.

මේ අතර ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල කියා සිටියේ, බොර තෙල් නොමැති වීම හේතුවෙන් අනිද්දායින් පසුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමට සිදුවන බවයි.