පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප ඉහළ දැමීමට තීරණයක්

පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දැමීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
ඔහුමේ බව පවසා සිටියේ ඊයේ (21) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.
“මේ දිනවල කම්කරුවෝ ජීවත්වෙන්නේ අමාරුවෙන්කියලා හැමෝම කතාවෙනවා. 100%ක් ඇත්ත. අපි ඒක පිළිගන්නවා. පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරන්න මේ වන විට සාකච්ඡා පවත්වලා තිබෙනවා. ඉදිරියේදී ඒ නිශ්චිත අවම වැටුප සමඟ පෞද්ගලික ක්ෂේත්රයේ අවම වැටුප වැඩි කරලා පාර්ලිමේන්තුවට ගේන්න බලාපොරොත්තුවෙනවා. ඊට අමතරව වතු කම්කරුවාගේ පැත්තෙනුතේ විශේෂ ඉල්ලීම් ගණනාවක් ලැබෙමින් පවතිනවා. ඒ අනුව වතු කම්කරුවන්ටත්දැනෙන වැටුප් වර්ධනයක් ලබා දිය යුතුයි කියන තැන අපි කම්කරු අමාත්‍යාංශය පැත්තෙන් පෙනී සිටිනවා”යනුවෙන් සඳහන් කළේය

