රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් – 250ක් මරුට

ඇෆ්ගනිස්තානයේ රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී පුද්ගලයන් 250ක් පමණ මිය ගොස් තිබෙනවා.
සිය ගණනක් පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා වෙනවා.
ගිනිකොන දිග ඛෝස්ට් නගරයේ සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව යි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

