සුන්දර ගෝල්ෆේස් සටන අද කුඩුකාරයන්ගේ තෝතැන්නක් වෙලා – විමල්

සුන්දර ගෝල්ෆේස් සටන අද කුඩුකාරයන්ගේ තෝතැන්නක් වෙලා – විමල්

සුන්දර ගෝල්ෆේස් සටන අද තක්කඩින්ගේ ගොදුරක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එදා ගෝල් ෆේස් අරගලයේ සුජාතභාවය අද නොමැති බවත් ඊළඟ මැතිවරණයට එන්න බලා සිටින කිහිප දෙනෙකු එහි රඟපාමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

“මම නම කියන්නේ නැහැ. ඒත් බොහොම ප්‍රබල ඇමති කෙනෙක් ඒ ඇමතිතුමා. එතුමා කිව්වා කතාවක් මේ කියන්නේ. ඔබතුමන්ලා දන්නවා ඔය ගෝල් ෆේස් සටනේ මුල් කාලේ හරි සුන්දර සටනක්. කාබනික ගොවිතැන වගේ දෙයක් තිබුණේ. දැන් එක රසායනික ත් නෙවෙයි මොකක්දෝ මුතු එකක් වෙලා. කුඩුකාරයන්ගේ තෝතැන්නක් වෙලා.

දැන් IMF කණ්ඩායම එද්දී මුදල් අමාත්‍යංශයේ ගේට්ටුව වටලනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව වටලනවා. ඒ කියන්නේ IMF එක එනකොට පෙන්නන්න ඕනෑ රටේ ගැටුම් බහුලයි. රට අස්ථාවරයි කියලා. ඒක පෙන්නන්න හදන්නේ. ඒ නිසා ගෝල් ෆේස් අරගලයේ මුදලින් තිබුණු සුජාතභාවය නෑ. තක්කඩි ටිකක් ඉන්නේ. හැබැයි මේ තත්වෙට පත් වෙන්න කලින් ඔය කියන ගෝල් ෆේස් අරගලය වෙලාවේ අද්භාවයෙන් ඉන්න මිනිස්සු බැහැර කරන්න බැහැ. හැබැයි දැන් එහෙමයි කියලා මට පෙන්නේ නැහැ. අනාගතයේ ඡන්දේ ඉල්ලන්න බලන් ඉන්න දෙතුන් දෙනෙක් රඟපානවා වෙන්නත් පුළුවන්.” යනුවෙන් පැවසීය

COMMENTS