ශ්‍රී ලංකාවේ උද්ධමනය 130%ට වැඩියි – මහාචාර්යවරයෙක් කියන කතාව

ශ්‍රී ලංකාවේ උද්ධමනය 130%ට වැඩියි – මහාචාර්යවරයෙක් කියන කතාව

ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 130.14ක් බව එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේ අද (23) ප්‍රකාශ කළා.

ඒ ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

මහාචාර්ය හන්කේ ඉදිරිපත් කරන දත්තවලට අනුව නිල උද්ධමනය අනුපාතය වන සියයට 39.10 මෙන් තුන් ගුණයකට වඩා වැඩි අගයකින් මෙරට උද්ධමනය ඉහළ ගොස් ඇති බවයි ඔහුගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ.

කෙසේ නමුත් මෙරට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව මැයි මාසයට අදාළව පාරිභෝගික මිල දර්ශකයේ උද්ධමන අගය සටහන් වූයේ 45.3% ලෙසයි.

තව ද 2022 වසරේ ජනවාරි 01 වැනි දා සිට මේ දක්වා රුපියල සියයට 50කට වඩා වැඩි අගයකින් බාල්දු වී ඇති බව ද ඔහු එම පණිවිඩයේ දක්වනවා.

මහාචාර්ය හන්කේ විසින් මුදල් ගැටළු ඇති රටවල උද්ධමනය තත්ත්වයන් පිළිබඳ සිය ට්විටර් ගිණුමේ නිරන්තර යාවත්කාලීනවීම් සිදු කරනවා.

මහාචාර්ය හන්කේ ගේ ට්විටර් පණිවිඩය පහතින්,

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතී. අද, මම ශ්‍රී ලංකාවේ උද්ධමනය නිවැරදිව මනිමි 130.14%/ – නිල අනුපාතය වන 39.10%/මෙන් තුන් ගුණයකට වඩා වැඩි අගයකින් මෙරට උද්ධමනය ඉහළ ගොස් ඇති බවයිත් 2022 ජනවාරි 1 වැනිදා සිට ශ්‍රී ලංකා රුපියල 50%කට වඩා අවප්‍රමාණය වී ඇත. යනුවෙන් ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.