ඉන්ධන පෝලිම් උණුසුම් වෙයි – බවුසරය ඇපයට ගනී

ඉන්ධන පෝලිම් උණුසුම් වෙයි – බවුසරය ඇපයට ගනී

පෙට‍්‍රල් හිඟය තවමත් රට පුරා උග‍්‍ර ලෙස පවතින අතර කිලෝ මීටර ගණන් දීර්ඝ පෝලිම් රට පුරා නිර්මානය වී ඇත.

ඇතැම් ඉන්ධන හල්වලට සතියකට ආසන්න කාලයක් තිස්සේ පෙට‍්‍රල් ලැබී නැතැයි පෝලිමේ සිටින ජනතාව කියති.

මේ අතර පෙට්‍රල් බලාපොරොත්තුවෙන් බණ්ඩාරගම නගරයේ ඉන්ධන හල අසල දින 5ක කාලයක් රැඳී සිටි පිරිසක් එම මාර්ගයේ ධාවනය කළ ඉන්ධන බවුසරයක් නවතා සිය භාරයට ගෙන පැය බාගෙට ආසන්න කාලයක් රඳවා ගෙන විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

පසුව එම ස්ථානයට බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව බවුසරය එම ස්ථානයෙන් පිටත් කර හැරීමට කටයුතු කර තිබෙනවා.