ඉන්ධන මිල හෙට තරු පෙන්වන හැටි

ඉන්ධන මිල වැඩි කිරීම හෙට (24) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් දිනපතා පලවෙන පුවත් පතක් වාර්තා කරයි.
ඒ අනුව සෑම ඉන්ධන වර්ගයකම මිල රුපියල් 60කට වැඩි මිලකින් වැඩි කිරීමට නියමිත බවයි එම පුවත් පත වාර්තා කරන්නේ
ඔක්ටේන් 92 පෙට්රල්ලීටරයක මිල රුපියල් 74 කින්, ඔක්ටේන් 95 පෙට්රල්ලීටරයක මිල රුපියල් 78 කින්, ඔටෝ ඩීසල්ලීටරයක මිල රුපියල් 56 කින්, සුපර් ඩීසල්ලීටරයක මිල රුපියල් 56 කින් සුපිරි ඩීසල්මිල රුපියල් 65 කින් සහ භූමිතෙල්ලීටරයක් රුපියල් 210 කින් ඉහළ නැංවිමට නියමිත බව එම පුවත්සේවය වැඩිදුරටත් පවසයි.

