මැරඩෝනාගේ මරණයට වෛද්‍ය කණ්ඩායමේ 08කට චෝදනා

මැරඩෝනාගේ මරණයට වෛද්‍ය කණ්ඩායමේ 08කට චෝදනා

ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍ය කණ්ඩායමේ 08 දෙනෙකුට සාපරාධි නොසැලකිල්ල යටතේ චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ, මැරඩෝනාට ප්‍රතිකාර කරමින් සිටි වෛද්‍ය සහ හෙද කණ්ඩායමේ අඩුපාඩු සහ අක්‍රමිකතා සොයාබැලීම සදහා පත් කල කමිටුවේ විනිසුරුවරයෙක් නඩු විභාගයක් පැවත්වීම සම්බන්ධයෙන් සිදුකළ නියෝගයට අනුවයි.

2020 නොවැම්බර් මාසයේදි වයස අවුරුදු 60ක්ව සිටි ඩියාගෝ මැරඩෝනා මියගියේ මොලයේ ලේ කැටියක් සදහා සිදු කළ ශල්‍යකර්මයකින් පසු නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඉන් දින කිහිපයකට පසුවයි විමර්ශණ සිදු කිරීම සදහා අදාල කමිටුව පත් කර ඇත්තේ.

ඔහුගේ මරණයට චෝදනා ලැබු අය අතර මැරඩෝනාගේ පෞද්ගලික වෛද්‍ය ලියෝ පෝල්ඩෝ ලුකෝ සහ භෞත චිකිත්සක ද වනවා.

https://bit.ly/3n9iSNZ

COMMENTS