බිරිඳට ප්‍රසිද්ධියේ හාදුවක් දෙන්න ගිහින් ගුටි පූජාවක්

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අයෝධ්‍යා ගංගාවේ ස්නානය කරමින් සිටි පුද්ගලයෙක් සිය බිරිඳට හාදුවක් ලබාදීම නිසා අවට සිටි පිරිසක් අදාළ පුද්ගලයාට පහර දී තිබෙනවා.
සිද්ධිය අවසානයේ දී අදාළ යුවල ගඟෙන් පන්නා දැමීමටයි එම ස්ථානයේ සිටි පිරිස ක්‍රියා කර ඇත්තේ.
අයෝධ්‍යා පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කොත්වාලි පොලිස් ස්ථානයට නියෝග කර ඇති බවයි.
සරයු ගංගාව ‘ගංගා’ නම් ගංගාවේ අතු ගංගා හතෙන් එකක් වන අතර, හින්දු භක්තිකයන් එය ශුද්ධ ලෙස සිය සංස්කෘතිය තුළ වන්දනා මාන කරනවා.
රාම දෙවියන්ගේ උපන් ස්ථානය ලෙසයි සරයු ගං ඉවුර ජනශ්රැතිය සහ ආගමික විශ්වාස මත ප්‍රසිද්ධ වෙන්නේ.

