අද සහ හෙට විදුලි කප්පාදුව වැඩි වෙයි

අද සහ හෙට විදුලි කප්පාදුව වැඩි වෙයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද සහ හෙට (24 සහ 25) දෙදින දිනකට පැය 02 විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව එම දින දෙකේ මධ්‍යහන 12.00 සිට රාත්‍රී 10.30 දක්වා A සිට W දක්වා කලාප 20 ට වරින් වර පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය විසන්ධි කරනු ලබයි .ලබන ඉරිදා පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 අතර කාලයේ පැය 02ක් පමණක් වරින් වර විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.