ඔස්‌ට්‍රේලියාව ආවට ස්තූතියි

ඔස්‌ට්‍රේලියාව ආවට ස්තූතියි

සංචාරක ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වුණු තරඟ පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරඟ පහට තුනක් ලෙස ජය ගනිමින්, තරගාවලියේ ශූරතාව තමන් සතු කරගන්නට ඊයේ (24) සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අවසන් එක්දින තරඟය පැවැත්වුණේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි.

මේ අතර මෙරට පවතින අර්බුදකාරී තත්ත්වයක් හමුවේ පවා ශ්‍රී ලංකාවට තරඟ සංචාරයක් සඳහා පැමිණි ඔස්‌ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ස්තුතිය පළ කිරීම පිණිස කහ පාටින් සැරසී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ (24 ) විශාල පිරිසක් පැමිණ සිටියා.

ඡායාරූපයේ පහතින්,