සත්ත්ව ආහාර නිෂ්පාදනයටත් ගැසට්ටුවක්

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී විකිණීම හෝ භාවිත කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 10(1)(b)(ii) වගන්තියට අනුව නිකුත් කර ඇති මෙම නියෝගය ඊයේ (ජුනි 24) සිට ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව කිසිදු ආනයනකරුවෙකුට, නිෂ්පාදකයෙකුට, වෙළෙන්දෙකුට හෝ බෙදාහරින්නෙකුට සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා හෝ වෙනත් අමුද්‍රව්‍යයක් ලෙස සෘජුවම සහල් හෝ වී ආනයනය කිරීමට, විකිණීමට, හෙළිදරව් කිරීමට හෝ විකිණීමට, ගබඩා කිරීමට, ප්‍රවාහනයට, බෙදා හැරීමට හෝ මිලදී ගැනීමට හෝ අවසර හිමිවන්නේ නැහැ.
මේ අතර දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ අඛණ්ඩව ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
දෙහිවල සත්වෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.


