පෙට්‍රල් නැවට බාලගිරිදෝෂේ – ඇමති සමාවත් ඉල්ලයි

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක ඉන්ධන තොගය රැගත් නෞකාවේ පැමිණීම තවදුරටත් ප්‍රමාද වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
එම නෞකාව ශ්‍රී ලංකාවට ළගාවන දිනය පසුව දැනුම් දෙන බව කී අමාත්‍යවරයා නෞකාවේ ප්‍රමාදය සහ නෞකාව පැමිණෙන බවට කළ ප්‍රකාශ පිළිබඳව කණගාටුව පළකරන බව සිය ට්විටර් ගිණුම් සටහනක් තබමින් සඳහන් කරයි.



